ඉස්සෙල්ල බලමු අපි සිද්ධාන්තයක් ගොඩනගා ගන්න ඕනේ අපේ වැඩසටහන හදන්න. අපිට TV බලන්න නම් ඊට අදාල දත්ත ලබා ගන්න මාධයක් තියෙන්න ඔනේ. මේ වැඩේට Computer එකට ඇන්ටනාවක් ගහල කරන්න බැරි විත්තිය ඔයාල අපි දන්නවනේ. ඒ නිසා මම මේ සදහා අන්තර්ජාලය ඔස්සේ මොනා හරි ජිල්මාර්ට් එකක් දාන්න හිතුව. එහෙමනම් අන්තර්ජාලය මගින් TV චැනල් එකක් බලන්න දෙන තැනකට අපි යන්න ඕනේ. ඉතින් මේ සදහා මම යොදාගත්තේ ලංකාවේ අවම තාක්ෂනයක් භාවිතා වෙන ITN චැනල් එකේ නිල වෙබ් අඩවිය (http://www.itn.lk/). මට එහෙම කියන්න ගොඩක් සාධාරන හේතු තියෙනව. මේ වැඩසටහන හදන ඔයාලටත් පස්සේ ඒ ඇයි කියල තේරේවි.
මේ සදහා යොදා ගන්න ක්‍රමවේදය Streaming media. මේක සාමාන්යෙන් අන්තර්ජාලයෙන් Video එකක් බලනවට වඩා වෙනස්. මොකද මෙතනදි ලබා දෙන Video එක එක දිගට ධාරාවක් සේ ගලාගෙන යනව. ඉතින් ගොඩක් වෙලාවට මෙයාල කරන්නේ SWF Flash Player එකක් ඔස්සේ මෙය ලබා දෙන එක. ඉතින් මම මොකද කලේ Web Site එකේ මේ Flash Player එකට අදාල Link එක හොයපු එක. ඒකට ඉතින් Page එකේ උඩ right click කරල View Source Code යන්න තේරුව.
ඊට පස්සේ, CTRL+F ලබා දී "swf" යන්න ඇති තැන් සොයන්න. එතකොට ඉතින් තැන් කීපයක්ම තියෙනව. නමුත් අපිට ඕන කරන Link එක හැම තැනම නෑ. ටිකක් HTML ගැන දැනුමක් තියෙනව නම් පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. මට නම් 218 වෙනි ලයින් එකේ Link එක ලැබුන.
var so = new SWFObject('http://cdn.itnlanka.com/itn.swf','mpl','459','245','9','#ffffff');
ඉතින් එතනින් මට ඇත්තටම ඕන වෙන්නේ ඔය රතුපාටින් තියෙන Link එක.
ඉතින් මම බොහොම සැකෙවින් කියල දුන්න Web එකෙන් Player එක වෙන් කරගන්න ක්‍රමය. දැන් අපි අපේ Program එක හදම. මම VB.NET Open කලා.
අලුත් Form එකක් Open කරගෙන ඒකට මම WebBrowser එකක් සහ MenuStrip එකක් ඇතුලු කලා. ඒ වගේමයි WebBrowser එකේ මට තව දුරටත් Scorell Bar වලින් වැඩක් වෙන එකක් නෑ. ඒවත් අයින් කලා.
හොදයි විදිහට බැරිනම් ඕන විදිහකට Form එකේ UI එක හදා ගන්න. දැන් මම ඉස්සෙල්ලම MenuStrip එකේ Channels --> ITN ගිහින් ITN මත දෙවරක් ක්ලික් කරල ඊට අදාල කෝඩ් වින්ඩෝ එක අරගන්න. ඊට පස්සේ මෙන්න මේ Code ටික ඒකට ඇතුලත් කරනව.
WebBrowser1.Navigate("http://cdn.itnlanka.com/itn.swf")








